කළුතර දකුණ, කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ දී දුම්රියේ ගැටී කුඩා දරුවෙකු, ඔහුගේ පියා සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය ප්රකාශ කළේ ඊයේ (12) පස්වරුවේ බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටීමෙන් ඔවුන් මියගොස් ඇති බවය.
අදාළ පුද්ගලයින් කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ පදික වේදිකාවේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේ දීම මියගොස් තිබුණි.
දුම්රියේ ගැටීමෙන් තුවාල ලැබූ දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලීසිය පැවසීය.
මියගොස් ඇත්තේ කළුතර දකුණ ප්රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි සහ 47 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ අවුරුදු 2ක් වයසැති දරුවෙකු බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.