Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 2026

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්
    Sport

    ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

    By LFNOctober 4, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගයෙන් පාකිස්තානය හමුවේ ලකුණු 31ක පරාජයක් ලැබීමට ඊයේ (3) රාත්‍රියේදී සිදුවිය.

    ‘A’ කාණ්ඩයේ තරගයක් ලෙසින් මෙම තරගය සාජාහිදී පැවැත්විණි.

    මෙහිදී පාකිස්තානු කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 117ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළදී කඩුලු 9ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 85ක් පමණි.

    විශ්මි ගුණරත්න සමගින් චමරි අතපත්තු ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතර, ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 9ක් පමණක් එක්කරද්දී චමරි දැවී ගියේය.

    ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ කඩා වැටීම ආරම්භ විය.

    තරගයේ 13(12.4) වැනි පන්දුවාරය ක්‍රියාත්මක වද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ ලකුණු 52කට කඩුලු 5ක් ලෙසින් ය.

    නිලක්ෂි ද සිල්වා ලකුණු 22ක් හා ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්න ලකුණු 20ක් රැස්කිරීමට සමත් වූවාය.

    ඒ හැරෙන්න වෙනත් කිසිදු පිතිකාරිනියකට ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම පෙනෙන මානයට හෝ රැගෙන යාමට නොහැකි විය.

    පාකිස්තානය වෙනුවෙන් සාදියා ඉක්බාල් (3/17), නෂ්රා සන්ධු (2/15) හා ඔමයිමා සොහයිල් (2/17) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වීය.

    කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට සමත් විය.

    පාකිස්තානු ඉනිම ඔසවා තැබූ නායිකා ෆාතිමා සානා පන්දු 20කට මුහුණදෙමින් ප්‍රහාරාත්මක ලකුණු 30ක් රැස්කිරීමට සමත් වූවාය.

    පන්දු 20කින් ගොඩනැගුණු ඇගේ ඉනිමට හතරේ පහර 3ක් හා හයේ පහරක් ඇතුළත් විය.

    ඇයට අමතරව නිඩා ඩාර් පන්දු 22කට මුහුණදෙමින් ලකුණු 23ක් රැස්කිරීමට සමත් වූවාය.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු (3/18), සුගන්දිකා කුමාරි (3/19) හා උදේශිකා ප්‍රබෝධනී (3/20) කඩුලු තුන බැගින් බිඳදමමින් දක්ෂතා දැක්වීය.

    මෙම ජයග්‍රහණයත් සමග පාකිස්තානු කණ්ඩායම ‘A’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,369 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,575 Views
    Don't Miss

    ආපදාවෙන් බලපෑමට ලක්වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු සඳහා දීමනාවක්

    January 6, 20260116 Views

    ආපදාවෙන් බලපෑමට ලක් වූ ගම්මිරිස්, කෝපි සහ කරදමුංගු වගාවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක් සඳහා කැබිනට්…

    ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක්

    January 6, 2026

    නීතිවිරෝධීව මෝරුන් ඇල්ලූ 6ක් අත්අඩංගුවට

    January 6, 2026

    දිට්වා ගැන අධ්‍යයනය කරන විශේෂ කාරක සභාවේ සභාපතීත්වය විපක්ෂය ඉල්ලයි

    January 6, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.