Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් ගුවන්තොටේ දී මාට්ටු
    Featured

    කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙක් ගුවන්තොටේ දී මාට්ටු

    By LFNOctober 3, 2024No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 883ක් සොයාගෙන තිබේ.

    සැකකරු 56 හැවිරිදි කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

    මේ අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 838ක් සමග පුද්ගලයෙකු මිදිගම ඉබ්බාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    මිදිගම පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරකට අනුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වේ.

    අත්අඩංගුවට ගත් සැකකරු 20 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් තිදෙනෙකු පළාගොස් තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 920ක් සමග පුද්ගලයෙකු වැලිපැන්න කොස්ගහදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වලගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.