පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසින් මේ බව හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත.
පාර්ලිමේන්තු සේවා අංශයේ ප්‍රකාශකයෙකු අද දෙරණ සමග පැවසුවේ ඊට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බවය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි විය.
ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වෙයි.
කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබේ.
එහෙත් මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමට පසු දිනම එම නිල නිවාස යළි භාරදිය යුතු වෙයි.