Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක රිය අනතුරු 3ක් – පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි වෙයි
    Featured

    මාරක රිය අනතුරු 3ක් – පොලිස් නිලධාරියෙකුටත් දිවි අහිමි වෙයි

    By LFNSeptember 30, 2024No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ තුනකදී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

    පොලීසිය සඳහන් කළේ මෙම මාරක අනතුරු මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශ වලදී සිදුවූ බවය.

    ඊයේ (29) පෙරවරුවේ මීගොඩ කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් එක්වරම මාර්ගයට ගැනීමේ දී පාදුක්ක දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටී සිදු වූ අනතුරින් එක් යතුරුපැදියක් මාර්ගය අසල තිබූ ඇලකට වැටී ඇත.

    අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනාම බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී එක් පැදිකරුවෙකු මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ 30 හැවිරිදි පාදුක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම, ඊයේ උදෑසන පලාලි පේදුරුතුඩුව කන්කසන්තුරය මාර්ගයේ 36 වන කිලෝමීටර් කණුව ආසන්නයේ දී පේදුරුතුඩුව දෙස සිට කන්කසන්තුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරෙන් පැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා තෙලිප්පලේ රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටිය දී පැදිකරු මියගොස් තිබේ.

    මියගොස් ඇත්තේ 18 හැවිරිදි පලාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    එමෙන්ම කුඹුක්ගැටේ ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ 05 වන කිලෝමීටර් කණුව අසල දී ඉබ්බාගමුව දෙස සිට මඩගල්ල දෙසට ධාවනය වූ ලංගම බස්රථයක් එම දිශාවටම ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියකට ඉස්සර කිරීමේදී එම යතුරුපැදියේ ගැටී තිබේ.

    අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු බරපතළ තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ 38 හැවිරිදි ඉහළගම, කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් රියදුරුවරයෙකි.

    බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කුඹුක්ගැටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.