Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    May 7, 2026

    විජේට අද මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්න බැරිවෙයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා ජීවිතක්ෂයට

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද
    Featured

    ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද

    By LFNSeptember 30, 2024No Comments1 Min Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව විශේෂ සාකච්ඡාවක් අද (30) දිනයේ දී කැඳවා තිබේ.

    ඒ අනුව අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

    අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

    වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.

    හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා තීරණය කෙරුණි.

    කෙසේවෙතත් ඉන් අනතුරුව හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව පිළිබඳව දැනුම් දී ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

    මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරී හිඟයට පිළියමක් වශයෙන් වෙනත් රාජකාරීවල නිරත වී සිටි නිලධාරීන් සේවයේ අවශ්‍යතාව මත පොලිසියට අනුයුක්ත කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රතුගල ආදිවාසී නායකයා ජීවිතක්ෂයට

    May 7, 2026

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026

    තමිල්නාඩුව භාරගන්න යන විජේට චන්ද්‍රිකාගෙන් සුබ පැතුම්

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    හදිසිය නිසා අහිමි වූ ජීවිත (වීඩියෝ)

    May 7, 202601 Views

    ඊයේ (06) ඉන්දියාවේ සහාරන්පූර් දුම්රිය ස්ථානයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු…

    විජේට අද මහ ඇමති ධුරයේ දිවුරුම් දෙන්න බැරිවෙයි

    May 7, 2026

    රතුගල ආදිවාසී නායකයා ජීවිතක්ෂයට

    May 7, 2026

    වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් මූල්‍ය වංචා කළ වියට්නාම ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.