අභිනවයෙන් පත්කෙරුණු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබාගත්තේය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා,
ප්රශ්නය – පසුගිය සමයේ යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වුණා. දැන් ඒකේ පොඩි අඩුවක් තියෙනවා කියලා මහානායක හාමුදුරුවෝ අපි සමග සඳහන් කළා ?
වැඩබලන පොලිස්පති – “ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු අපි නිරික්ෂණය කළා ඒවත් නිවැරදි කරමින් පොලීසියට අනපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරනවා. සහ වෙනත් රාජකාරිවල යොදවලා හිටපු නිලධාරීන් ඒ සඳහා යොමු කිරීමෙන් ඊට වැඩිය ධාරිතාවකින් යුක්තව ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා.”
ප්රශ්නය – ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවලා තිබූ පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයක් නැවතත් පොලිස් රාජකාරිවල අනුයුක්ත කරනවාද ?
වැඩබලන පොලිස්පති – “පොලීසියේ නිලධාරීන්ගේ හිඟයක් තියෙනවා. ඒ හිඟයට විකල්ප පිළිතුරක් විදිහට මේ දක්වා වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් ඒ අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගන්න කටයුතු කරනවා.”