Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNSeptember 29, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වාහන සොරා ගැනීම හා මුදල් වංචාවන් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (28) උදෑසන කාලයේ කිරිබත්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 37ක් වන කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.

    මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔහු විසින් කූඨ ලේඛණ සකස් කර රුපියල් 13,000,000ක් වටිනා කාර් රථයක් අලෙවි කිරීම සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත.

    ඒ සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරුද ව්‍යාජ ලේඛණ සකස් කර මෝටර් රථ මුදලට විකිණීම සම්බන්ධව තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර ඒ අනුව ඔවුන් විසින් කූඨ ලේඛණ සකස් කර පන්නල ප්‍රදේශයට අලෙවි කරන ලද මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත.

    තවදුරටත් මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී ඔවුන් විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස මිලදී ගැනීම, විකිණීම හා අලුතින් නිවාස ඉදි කිරීමේ ව්‍යාපාරයක්ද පවත්වා ගෙන ගොස් ඇති අතර එමගින්ද පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීම් සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

    සැකකරුවන් සම්බන්ධව වැලිසර හා අලුත්කඩේ යන අධිකරණ මගින් විවෘත වරෙන්තු නිකුත් වී ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

    සැකකරුවන් සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 20260121 Views

    මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026

    ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.