Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අපහාස නඩුවක්
    Featured

    භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අපහාස නඩුවක්

    By LFNSeptember 28, 2024No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.

    මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

    එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

    කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නියෝගය උල්ලංඝනය කරමින් වැලි කැණීමේ බලපත්‍ර හතරක් අලුතින් නිකුත් කර ඇති අතර ඒ තුළින් ඔහු අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

    අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්නම් ඊළඟ නඩු දිනයට පෙර ඊට අදාළ ලේඛන ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 2026

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,584 Views
    Don't Miss

    විදුලිය සඳහා පැනවූ බදු අඩු කිරීමට යුරෝපා කොමිසමෙන් යෝජනාවක්

    March 20, 20260121 Views

    මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් බලශක්ති මිලදිගින් දිගටම ඉහළ යෑම හේතුවෙන්, විදුලිය සඳහා පනවා තිබූ බදු…

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

    March 20, 2026

    මිත්තණිය සමග දිය නාමින් සිටි දැරියක්ව කිඹුලෙක් ඩැහැගෙන යයි

    March 20, 2026

    ජනපති අද පාර්ලිමේන්තුව අමතයි

    March 20, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.