Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි
    Featured

    ශ්‍රී ලංකාව ගැන මූඩීස් කරුණු පහදයි

    By LFNSeptember 26, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළින් මෙරට ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ගමන්මග කැපීපෙනෙන වෙනසකට ලක් නොවනු ඇතැයි මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව පවසයි.

    ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන නව වාතාවරණය සම්බන්ධව අදහස් දක්වමින් මූඩීස්, ජාත්‍යන්තර ආයෝජන සහ ණය වර්ගීකරණ සේවාව වාර්තාවක් පළ කර තිබුණි.

    එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ඇතිවී තිබෙන දේශපාලන වෙනස තුළ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ක්‍රියාත්මක ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සහ ව්‍යුහාත්මක වෙනස්කම් ඇතුළු සාර්ව ආර්ථික ප්‍රතිපත්ති විශාල වශයෙන් වෙනස් නොවනු ඇති බවය.

    කෙසේවෙතත්, ඇතැම් ප්‍රතිපත්ති ප්‍රමුඛතාවන් මත නැවත සැකසීමේදී මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගැනීම අභියෝගකාරී විය හැකි බවත්, එය ණය අවදානම් වර්ගීකරණය තවදුරටත් ඉහළ මට්ටමක පැවතීමට හේතුවිය හැකි බවත් එම ආයතනය පෙන්වාදෙයි.

    ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කොට, පාර්ලිමේන්තුවෙන් සම්මත කළ ආර්ථික පරිවර්තන පනත යටතේ IMF වැඩසටහනේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ඉලක්ක නව පනතක් හෝ සංශෝධනයක් මගින් මිස වෙනස් කිරීමට නොහැකි බවය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට විරුද්ධත්වයක් නොදක්වන බවත් මූඩීස් සඳහන් කරයි.

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට ස්ථාවර, සශ්‍රීක සහ සියල්ලන් ඇතුළත් වර්ධනයක් සහිත අනාගතයක් උදා කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසයි.

    ඇය මේ අදහස් පළකර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.