Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවත් කල් යන ලකුණු
    Featured

    උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය තවත් කල් යන ලකුණු

    By LFNSeptember 25, 2024No Comments2 Mins Read956 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ ලේකම්වරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    එම දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුරය අතර කොටස නවීකරණය කිරීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබුණි.

    කෙසේවෙතත් ජනාධිපතිවරණය හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කළේ මැතිවරණ රාජකාරි සඳහා පැමිණෙන නිලධාරීන්ට සහ ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින්ය.

    ඒ අනුව, පසුගිය 19,20,21 සහ 22 යන දිනවල කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට පියවර ගෙන තිබුණි.

    එහෙත් එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    ඊට හේතු වී ඇත්තේ දුම්රිය මාර්ගය නවීකරණය කිරීමට සමගාමීව එම මාර්ගයේ සංඥා පද්ධතිය ද නවීකරණය සඳහා සැලසුම් සකස්කළ ද ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන අනුමත නොවීම හේතුවෙන් බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය හරස් මාර්ග 47ක් පවතින අතර ප්‍රධාන මාර්ග හරහා පිහිටි දුම්රිය හරස් මාර්ග 15ක් සහ ඉන් 09ක් රථවාහන බහුලව ගමන් ගන්නා ප්‍රධානතම මාර්ග හරහා ගමන් කරයි.

    ඒ අනුව එම මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කළහොත් ප්‍රධාන මාර්ග හරහා වැටී ඇති දුම්රිය හරස් මාර්ග වල ආරක්ෂිත ගේට්ටු ක්‍රියාකරවීම සඳහා කම්කරුවන් යෙදවීමට අවශ්‍ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    අනෙකුත් දුම්රිය හරස් මාර්ග සඳහා අනතුරු ඇඟවීමේ පුවරු සවි කිරීමට අවශ්‍ය බව සඳහන්ය.

    මේ හේතුවෙන් දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කළ ද දෛනිකව මහව සහ අනුරාධපුරය අතර සිදුකෙරෙන දුම්රිය ගමන්වාර 22කම ධාවනය කිරීමේ හැකියාවක් නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.

    කෙසේවෙතත් සංඥා පද්ධතිය නවීකරණය සමග යළි දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තවත් මාස 04කට අධික කාලයක් ගත වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.