Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගුවේ තනතුරු පෙන්වා මුදල් ගරන ජාවාරමක්
    Featured

    රේගුවේ තනතුරු පෙන්වා මුදල් ගරන ජාවාරමක්

    By LFNSeptember 25, 2024No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සහකාර රේගු අධිකාරීවරුන් බඳවා ගැනීම සඳහා පෙරහුරු සම්මුඛ පරීක්ෂණ පවත්වන බවට නිවේදනය කරමින් ඇතැම් පිරිස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු ලැබී ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

    එහි මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ සිවලී අරුක්ගොඩ මහතා පවසන්නේ, එම සම්මුඛ පරීක්ෂණ සඳහා කිසිඳු වැඩමුළුවක් සංවිධානය කර නොමැති බවය.

    “ශ්‍රී ලංකා රේගුවට අලුතින් සහකාර රේගු අධිකාරිවරුන් බඳවා ගැනීමේ තරග විභාගය පසුගියදා පැවැත්වුණා. ඒ තරග විභාගයේ ප්‍රතිඵල අනුව අපි පිරිසකට සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා කැඳවලා තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණය මේ මාසේ 27,28 හා 29 යන දවස් තුනේ සිදුකරන්නට බලාපොරොත්තු වෙනවා.

    මේ අතර අපි පසුගිය කාලයේ දුටුවා සමාජ මාධ්‍ය ජාලවල රේගු නිලධාරීන් බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සුදානමක් ලෙස පෙරහුරු වැඩමුළු පැවැත්වීමට යම් යම් පුද්ගලයින් කටයුතු සුදානම් කරලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. මේ කරන්නට යන්නේ මුදල් ගරා ගැනීමේ ජාවාරමක් කියලයි අපිට තේරුණේ. හේතුව මේ සම්මුඛ පරීක්ෂණයේ දී අපි ලකුණු ලබාදෙන්නේ අයදුම්කරුවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා තරගවලින් ජයග්‍රහණය කළ අයට පමණයි. එහිදී අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සහ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට පමණයි ලකුණු ලබාදෙන්නේ. මීට අමතරව කිසිදු කරුණකට අතිරේක ලකුණු දෙන්නේ නෑ. සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති අපේක්ෂකයින්ට පෙරහුරු වැඩමුළුවලට සහභාගි වෙලා, රේගුවෙන් කරන සම්මුඛ පරීක්ෂණයට සුදානම් වීමක් අවශ්‍ය වෙන්නේ නෑ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.