Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු පැහැදිලි කරයි
    Featured

    අවසන් ප්‍රතිඵලය ප්‍රමාද වියහැකි හේතු පැහැදිලි කරයි

    By LFNSeptember 20, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යම් ඡන්දපොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුවහොත් එම ඡන්දපොළෙහි ඡන්දය ශූන්‍ය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

    එමෙන්ම එම ශූන්‍ය කිරීම නිසා සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපෑමක් ඇතිවුවහොත්, නැවත අදාළ කොටසේ ඡන්ද විමසීමක් පවත්වන බවද හෙතෙම පෙන්වා දුන්නේය. එසේ වුවහොත් ඒ වනතෙක් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා දැනුම්දෙයි.

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ඊයේ (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා.

    “ඡන්දපොළක යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවුණොත් ඒ ඡන්දපොළෙහි ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වාර්තාව අනුව එහි ඡන්දය ශූන්‍ය කිරීමට අවශ්‍ය වුවහොත් ඒක ශූන්‍ය කරන්න මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කරනවා. එම ශූන්‍ය කිරීම සමස්ත ඡන්ද ප්‍රතිඵලයට බලපානාවා නම්, නැවත ඡන්ද විමසීමක් පවත්වලා ඒ ඡන්දපොළවත්වල ඡන්දය පවත්වා අවසන්වන තුරු සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.”

    “ඒ නිසා ඡන්දපොළවල් අතර ගැවසීමෙන්, ප්‍රචණ්ඩ ක්‍රියාවල නිතරවීමෙන්, ඡන්ද විමසීම කඩාකප්පල් කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටිනවා. නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බළකාය යොදවා ඇති අතර, ඕනෑම හදිසි අවස්ථාවකදී කැඳවීම සඳහා ත්‍රිවිද හමුදාව සූදානමින් තබා තිබෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.