Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්
    Featured

    වීඩියෝ පට කිහිපයක් ගැන පොලීසියෙන් නිවේදනයක්

    By LFNSeptember 17, 2024No Comments1 Min Read103 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ කාලවලදී ඇතිවූ සිදුවීම්වලට අදාළ වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවට විටින් විට සංසරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ කටුනායක ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන ඇතැම් වාහන විවිධ පුද්ගලයින් විසින් පරීක්ෂා කිරීම, ඇඳිරිනීතිය පනවන ලද අවස්ථාවලදී ලබා ගන්නා ලද වීඩියෝ දර්ශන ආදී වීඩියෝපට මේ දිනවල හුවමාරු වෙමින් පවතින බවයි.

    මෙවැනි වීඩියෝ දර්ශන නැවත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් වැරදි මතයක් සමාජ ගතවන බව එහි සඳහන් ව තිබේ.

    අදාළ වීඩියෝ පට කාලීන සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කිරීම ජනතාව නොමග යැවීමක් බවත්, එය රට තුළ මහජන සාමය හා නීතිය ආරක්ෂා කිරීමට සෘජු ලෙස බාධා ඇතිවන බවත් පොලීසිය පවසයි.

    මේ හේතුවෙන් එවැනි වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය තුළ පළ කිරීම හා බෙදා හැරීමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    එවැනි ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයේ වීඩියෝ දර්ශන පළ කරනු ලැබුවහොත් එවැනි අයට එරෙහිව නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බව පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,468 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,421 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,625 Views
    Don't Miss

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 202601 Views

    වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ ධුරය සම්බන්ධයෙන් රජයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ලැබී නොමැති බැවින්, පෙර ප්‍රකාශිත පරිදි…

    අදත් ප්‍රදේශ කිහිපයකට මී.මී 100 ඉක්මවූ තද වැසි

    September 14, 2026

    නව චීන තානාපතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

    September 12, 2026

    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් – දරුවන් දෙදෙනෙකු මරුට

    September 11, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.