Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදෙස් ණය ගෙවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්
    Featured

    විදෙස් ණය ගෙවීම ගැන මුදල් අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    By LFNSeptember 17, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2022 වසරේ අප්‍රේල් මාසයේ දී තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව කීම අසත්‍යයක් බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

    නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලික ණය ගෙවීම අත්හිටුවීම අදාළ වනුයේ විදේශීය වාණිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණක් බවය.

    එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික ස්ථායීකරණය සඳහා මුලික වශයෙන්ම හේතුවී ඇත්තේ, විදේශීය ණය සේවාකරණය නොකිරීම වන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

    නැවත ණය සේවාකරණය ආරම්භවූ විට ආර්ථික අස්ථායීතාවය නැවත ඇති වන බවට ද සමාජයේ මතයක් පවතින බව අදාළ නිවේදනයේ දැක්වේ.

    ආර්ථිකයේ සැබෑ සාධක වන තීරණාත්මක සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණ සුළු කොට තැකීමට හා අඩු තක්සේරු කිරීමට ද මෙවැනි කරුණු භාවිත කරන බව හඳුනා ගත හැකි වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.

    – උපුටාගැනීම –

    සියලු විදේශීය ණය ආපසු නොගෙවන බව අසත්‍යයකි. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද තාවකාලිකව ණය ගෙවීම අත්හිටුවීම සඳහා අදාළ වනුයේ විදේශීය වානිජ ණය හා නිල ද්විපාර්ශවික ණය සඳහා පමණකි. පවත්නා ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ව්‍යූහය තුළ සාමාන්‍යයෙන් සිදුකරනු ලබන පරිදි, විදේශීය බහුපාර්ශවික ණය රජය විසින් අඛණ්ඩව සේවා කරනු ලැබේ.

    ඒ අනුව, 2022 අප්‍රේල් මාසයේ තෝරාගත් විදේශීය ණය සේවාකරණය තාවකාලිව අත්හිටුවීමෙන් පසුව වුවද, රජය විසින් අඛණ්ඩව බහුපාර්ශවීය ණය සේවාකරණය කරන ලදී. මහ බැංකුව, රාජ්‍ය බැංකුව සහ පෞද්ගලික අංශය ඇතුළු සමස්ත ආර්ථිකයට සහ ගෙවුම් ශේෂයට ණය සේවාකරණයේ බලපෑම හඳුනා ගනිමින්, පහත වගුවෙහි දක්වා ඇති ආකාරයට 2022 වසරේ දී (ජනවාරි සිට අප්‍රේල් ද ඇතුළත්ව) සහ 2023 වසරේ දී පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 2,483 ක් හා ඇමරිකානු ඩොලර් මිලියන 2,589 ක් ණය සේවාකරණය සිදුකරන ලදී. 2022 වසරේ අප්‍රේල් මාසයේ දී ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීම ප්‍රකාශයට පත් කිරීමට පෙර සාමාන්‍යයෙන් වසරක දී සිදුකරන ලබන ණය සේවාකරණ ගෙවීම්වලින් භාගයකට පමණ මෙය සමාන වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.