Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ – බන්දුල
    Featured

    වාහන ආනයනයේදී තීරුබදු සහන නැහැ – බන්දුල

    By LFNSeptember 15, 2024No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසරේ සිට වාහන ආනයනය කෙරුණද තීරු බදු රහිතව කිසිඳු පුද්ගලයෙකුට වාහන ආනයනය කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එම තීරණය ගෙන ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ගිවිසුම්වලට අනුකූලවය.

    මෙම වසරේ ඔක්තෝබර් පළමුවැනිදා සිට අදියර කිහිපයක් යටතේ වාහන ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

    ඒ අනුව පළමුවෙන් ආනයනය කරනු ලබන්නේ, පොදු ප්‍රවාහන සේවා සඳහා භාවිත කරන රථයි.

    වාණිජ සහ භාණ්ඩ ප්‍රවාහන රථ මෙම වසරේ දෙසැම්බර් පළමුවැනිදා සිට ආනයනය කෙරෙන අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පැවසීය,

    “සියලුම වර්ගවල වාහන 2025 දෙවැනි මාසයේ පළවෙනිදා සිට ආනයනය කිරීම සඳහා අවසර ලබා දුන්නා. ඒ අනුව 2025 පෙබරවාරි 01 සිට කාර්, වෑන්, ස්පෝට් යුටිලිටි වාහන පිකප් යන ආදීය වාහන ආනයනය කිරීම සඳහා අවසර ලබාදුන්නා.”

    ප්‍රශ්නය – පර්මිට් නැවත සක්‍රීය වෙනවද ?

    “දැන් අනායන තහනම ඉවත් කළාම බලපත්‍රලාභීන්ට තමන්ගේ බලපත්‍රය අනුව වාහන ආනයනය කරන්න පුළුවන්.”

    ප්‍රශ්නය – වාහන ආනයනය කරන තහනම ඉවත් කළාම ඉදිරියට කිසිම පර්මිට් එකක් දෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙලා තියෙනවා IMF එකට. මේ පොරොන්දුව ඉදිරියටත් ඉටු කරනවාද? නැත්නම් IMF එක සමග සාකච්ඡා කරනවාද ?

    “ගිවිසුම් ප්‍රකාරව දශමයකින්වත් වෙනස් නොකර ඒ කොන්දේසි ඉටුකරනවා. එහි සඳහන් කරලා තියෙන්නේ හොඳ කරුණක්. කාටවත් නිදහස් ප්‍රවේශ පත්‍ර යටතේ ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට හෝ කාටවත් වාහන ආනයනය කරන්න බැහැ. කිසියම් බදු ප්‍රතිශතයක් ඇතුළත් කරන්න ඕනේ කියන ගිවිසුම… ඒ ගිවිසුමට ලංකා ආණ්ඩුව එකඟයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 2026

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලින් ලක්ෂ 120ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සොයාගනී

    May 7, 202601 Views

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරක් මත ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ…

    ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

    May 7, 2026

    හෙට සිට ශ්‍රී ලංකා – වියට්නාම ඍජු ගුවන් ගමන් සේවා

    May 7, 2026

    දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක් හෙට වැසේ

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.