Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයක් සඳහා මෙතෙක් පැනවූ ඉහළම දඩය නියම කෙරේ
    Featured

    ශ්‍රී ලංකාවේ වනජීවී අපරාධයක් සඳහා මෙතෙක් පැනවූ ඉහළම දඩය නියම කෙරේ

    By LFNSeptember 13, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යාල වනෝද්‍යානයෙන් සමනල විශේෂ 92ක් ඇතුළුව ආවේණික කෘමීන් සිය ගණනක් හොර රහසේ රැගෙන යාමට උත්සාහ කළ ඉතාලි ජාතික පියෙකුට සහ ඔහුගේ පුතාට ශ්‍රී ලංකා රුපියල් කෝටි 6ක දඩයක් නියම කර තිබේ.

    එම මුදල අමෙරිකානු ඩොලර් 200,000කට සමාන වෙයි.

    නීතිවිරෝධී ලෙස කෘමීන් එකතු කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැප්තැම්බර් මස මුලදී ඔවුන් වරදකරුවන් කර ඇති අතර ඔවුන් දෙදෙනාට තිබූ දඩය මෙරට වනජීවී අපරාධයක් සඳහා නියම කර ඇති ඉහළම දඩය නියම ලෙස සඳහන් වෙයි.

    තිස්සමහාරාම මහෙස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් පසුගිය 3 වනදා එම නියම කරන කළේය.

    යාල ජාතික වනෝද්‍යානයේ ආරක්ෂකයින් විසින් 68 හැවිරිදි ලුයිගි ෆෙරාරි සහ ඔහුගේ 28 හැවිරිදි පුත්‍රයාව මේ වසරේ මැයි 8 වනදා කෘමීන් අඩංගු භාජන සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි.

    අප වාර්තාකරු සඳහන් කළේ එම සැකකරුවන් දෙදෙනාට චෝදනා 810ක් එල්ලකර තිබුණ ද පසුව එය 304 දක්වා අඩුකළ බවය.

    ඉතාලි ජාතිකයින් වෙනුවෙන් වෙනත් ප්‍රදේශවලින් පැමිණි නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර ඔවුන් විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා තිබුණේ සැකකරුවන් දෙස සානුකම්පිතව බලා අවම දඩයක් නියම කරන ලෙසය.

    එහිදී විත්තියට කරුණු පැහැදිලි කළ මහෙස්ත්‍රාත්වරයා පවසා ඇත්තේ මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතිකයින් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය ඉතා ඉක්මනින් කටයුතු කළ බවත් ඊට අදාළ විශේෂඥ වාර්තා කඩිනමින් කැඳවීමට හැකිවූ බවත් ය.

    වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙය ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කළ වරදක් බැවින් ගොනු කරන ලද චෝදනා 304ටම ඔවුන් දෙදෙනා වැරදිකරුවන් වන බව මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

    ඒ අනුව එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා චූදිතයින්ට නියෝග කර සිටියේය.

    මේ මස 29 වන දින දඩ මුදල ගෙවන ලෙසට අධිකරණය නියෝග කළ අතර දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතිකයින් දෙදෙනාට රටින් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.