Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීමේ නඩු සමථයට
    Featured

    සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට එක්කිරීමේ නඩු සමථයට

    By LFNSeptember 13, 2024No Comments1 Min Read108 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳ නඩු සමථයකට පත්ව ඇත.

    මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම පිළිබඳව විභාගය ගැනුණු නඩු ඊයේ (12) දින සමථයට පත් වූ බවයි.

    එම නඩු සමථයට පත් වීම පිළිබඳ තීරණය නිකුත් කරමින් අධිකරණය දන්වා ඇත්තේ, දැනට අධිකරණයට ඉදිරිපත් ව ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇති සමථ කොන්දේසි අනුව ක්‍රියාකළ යුතු බවයි.

    ක්‍රියාත්මකවීමේ ස්වභාවය අනුව අවශ්‍ය වුවහොත් අදාළ පාර්ශවයන්ට මෝසමක් මාර්ගයෙන් නැවත නඩුව ආපසු කැඳවීමට අයිතිය ඇති බවත්, එම කරුණු මත නඩුව බහා තබන බවත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    මේ සඳහා මැදිහත්වීම්වන පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ වී.කේ. චොක්සි මහතා සහ නීතිඥ ඩී. එස්. රත්නායක මහත්මිය පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනීසිටියේ ය.

    රජයේ පාසල්වල දැනට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගැනීමට ජනාධිපතිවරයා ද මීට ඉහතදී සිය එකඟත්වය පළ කළේය.

    පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ද ඒ බව තහවුරු කරමින් පවසා සිටියේ, එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගෙන ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දුන් බවයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.