Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්
    Featured

    හිරුණිකාට අධිකරණයෙන් දැනුම්දීමක්

    By LFNSeptember 12, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවන මීළඟ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු යැයි අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට නියෝග කර තිබේ.

    ඌව පළාත් හිටපු ආණ්ඩුකාර හාඩි ජමාල්ඩින් මහතා විසින් ගොනුකර තිබෙන පැමිණිල්ල ඊයේ (11) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එම අවස්ථාවේදී මෙම නඩුකරයට අදාළව ප්‍රති විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඉල්ලා සිටියේය.

    ඒ අනුව අදාළ ප්‍රතිවිරෝධතා නොවැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ විනිසුරු මඩුල්ල නඩුකරය නැවත දෙසැම්බර් මස 04 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.

    ඊට අමතරව නඩු දිනයේ වගඋත්තරකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණය ඉදිරියේ පෙනී සිටිය යුතු බවත් විනිසුරුමඩුල්ල නියෝග කර තිබේ.

    පැමිණිලිකරු කියා සිටින්නේ කාන්තාවකට පහර දුන් බව කිය සිද්ධියක් සම්බන්ධයෙන් තමන්ව ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇපමත මුදා හැරීමෙන් අනතුරුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එම නියෝගය විවේචනය කරමින් මාධ්‍ය හමුවකදී අදහස් පළ කළ බවය.

    මේ තුළින් ඇය අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ පිළිබඳ විභාගයක් පවත්වා ඇයට සුදුසු දඬුවම් පමුණුවන ලෙසත් ඉල්ලා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,394 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,340 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,562 Views
    Don't Miss

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 20250122 Views

    විදෙස් ගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු විසින් ඉදිරිපත් කළ…

    නාලක ගොඩහේවා CIDයට

    November 7, 2025

    2026 අයවැය යෝජනා කැබිනට් මණ්ඩලය අනුමත කරයි

    November 7, 2025

    NPP මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියාගේ වැඩතහනම් කෙරේ

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.