Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙළිය ට ඇප
    Featured

    කෙහෙළිය ට ඇප

    By LFNSeptember 12, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.

    ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව ඊයේ (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

    රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ඔහුගේ ඇප කොන්දේසි ලෙස සඳහන් විය.

    එසේම හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

    මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සඳහන් කළේ, සැකකරු මේ වනවිටත් මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔහු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරින බවය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ ඔහු එම නඩුවේ 8 වැනි සැකකරු ලෙස නම් කරමිනි.

    මේ අතර, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර ද අද දින ඇප මත මුදා හැරුණි.

    කෙසේ වෙතත්, මෙම නඩුවේ පළමු සැකකරු වන ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ ඇප නියම කෙරුණේ මාස 6කට අධික කාලයකට පසුවය.

    අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    ඉකුත් මාර්තු 14 වනදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202506 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.