Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෙහෙළිය ට ඇප
    Featured

    කෙහෙළිය ට ඇප

    By LFNSeptember 12, 2024No Comments2 Mins Read113 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප හිමිවී තිබේ.

    ඒ, ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ නඩුව ඊයේ (11) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

    රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් (ඉන් එක් ඇපයක් ළඟම ඥාතියෙකු) සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් ඔහුගේ ඇප කොන්දේසි ලෙස සඳහන් විය.

    එසේම හිටපු අමාත්‍යවරයාගේ විදෙස් ගමන් ද තහනම් කර තිබේ.

    මාළිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය සඳහන් කළේ, සැකකරු මේ වනවිටත් මාස 6කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීම සහ ඔහු සම්බන්ධයෙන් කැඳවන ලද නවතම වෛද්‍ය වාර්තාව සලකා බලමින් ඔහු ඇප මත මුදාහරින බවය.

    හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ ඔහු එම නඩුවේ 8 වැනි සැකකරු ලෙස නම් කරමිනි.

    මේ අතර, එම නඩුවේ 7 වැනි සැකකරු වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ රත්නකුමාර හේරත් සහ 12 වැනි සැකකරු වන ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර ද අද දින ඇප මත මුදා හැරුණි.

    කෙසේ වෙතත්, මෙම නඩුවේ පළමු සැකකරු වන ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයූ සැපයුම්කරු වන සුදත් ජනක නමැත්තා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, ඔහුව මේ වනවිට ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික රෝග විද්‍යායතනයට වෙත ඇතුළත් කර තිබේ.

    ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉකුත් පෙබරවාරි 02 වනදා අත්අඩංගුවට ගැනුණු අතර ඊට පසුදින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය මගින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

    ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ ඇප නියම කෙරුණේ මාස 6කට අධික කාලයකට පසුවය.

    අත්අඩංගුවට පත්වෙන අවස්ථාවේදී පරිසර අමාත්‍ය ධුරයේ කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි මස 06 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

    ඉකුත් මාර්තු 14 වනදා අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202602 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.