Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම
    Featured

    රුපියල් 10,000කට සිදුකළ මිනී මැරුම

    By LFNSeptember 7, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රුපියල් 10,000ක් ඉල්ලා එය නොදුන්නැයි උරණ වී 80 හැවිරිදි කාන්තාවකගේ ගෙල පාගා හුස්ම හිරකොට ඝාතනය කළ සැකකරුව ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය නියෝග කළාය.

    සැකකරු ත්‍රිරෝද රථයකින් බැස එම කාන්තාවගේ නිවසට පැමිණෙන අයුරු සහ එම කාන්තාවගෙන් ගලවාගත් කරාබු යුගලය හෙට්ටිවිථීයේ සාප්පුවකට විකුණන අයුරු සීසීටීවී පද්ධතියක සටහන් ව තිබු බවද පොලීසිය පැවසීය.

    සැකකරු ඝාතනය ට ලක්වූ කාන්තාවගේ දියණියගේ සැමියාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයක වැඩකළ සේවකයෙකි.

    ඔහු නිවසට යන බව පවසා නිවාඩු ගෙන නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවේදී කොට්ටාව මාලබේ පාරේ හතරමං හන්දිය ආසන්නයේ පිහිටි නිවසට පැමිණ එහි සිටි කාන්තාවගෙන් රුපියල් 10,000 ඉල්ලා තිබුණි.

    ඇය එම මුදල ලබානොදීම නිසා උරණ වී එම කාන්තාවගේ කරාබු යුගලය ගලවා ගැනීමට උත්සාහ කර තිබේ.

    එම අවස්ථාවේදී සැකකරු කාන්තාව බිම දමා පාදයෙන් ගෙල පාගා හුස්ම හිර කොට ඝාතනය කර ඇය පැළඳ සිටි කරාබු යුගලය ගලවාගෙන ගොස් හෙට්ටි විථියේ රන් භාණ්ඩ අලෙවිසැලකට එය විකුණා රුපියල් 5,000ක් ගෙන නිවසට ගොස් තිබේ.

    එම සැකකරු ආණමඩුව ප්‍රදේශයේ පුද්ගලයෙකි. ඔහුව නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202602 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.