Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි
    Featured

    තැපැල් ඡන්ද භාවිතය 80% ඉක්මවයි

    By LFNSeptember 7, 2024No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී. ඒ. රාජිත. කේ. රණසිංහ මහතා පවසයි.

    ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද 80%කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවය.

    “මේ වනවිට වාර්තා වන අන්දමට 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඡන්ද භාවිත වෙලා තියෙනවා වගේම ලියාපදිංචි රක්ෂිත පැකට්ටු ඒ ඒ ප්‍රදේශවල තැපැල් කාර්යාලවලට භාරදීලා තියෙනවා.

    අපි ඒක සංසන්දනාත්මකව බලන්නේ තැපැල් කාර්යාලවලට ලැබෙන ඒ තැපැල් පැකට්ටු සංඛ්‍යාවත් සමග. ඒ නිසා පළමු දිනයේ විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා අද දිනයේත් විශාල සංඛ්‍යාවක් භාවිත වෙලා කියලා නිරීක්ෂණය වෙනවා.”

    2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද දායකයින් 712,319 දෙනෙකු මෙවර තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

    ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ඊයේ තෙවැනි දිනටත් පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්විය.

    පෙරේදා මෙන්ම ඊයෙත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව හිමිවූයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, සෙසු ආරක්ෂක අංශ සාමාජිකයින් සහ ගුරුවරු ඇතුළු සෙසු සියලු රාජ්‍ය ආයතනවල කාර්යය මණ්ඩලය සඳහාය.

    මේ අතර ඊයේ ඡන්දය භාවිත කිරීමට නොහැකි වන ඡන්ද දායකයින්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින අතිරේක දින දෙකක් ලෙස හිමි වෙයි.

    ඔවුන්ට එම දිනවලදී තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කළ හැකියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 2025

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,392 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,339 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්

    November 7, 20250115 Views

    ‍2025 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර…

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.