අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බව කියන ඉපලෝගම පොලිසියේ කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල් නෑව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ 42 හැවිරිදි කොස්තාපල්වරයෙකි.
මෙම කොස්තාපල්වරයා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගල් නෑව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශන වලදී ගල් නෑව හා තදාසන්න ප්‍රදේශවල සැකකරු විසින් මත්ද්‍රව්‍ය සඟවන ස්ථාන වට්ස් ඇප් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මිලදී මිලදී ගන්නට යවා ඇතැයි අනාවරණය වී ඇත.