Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගෝඨා ගෝ ගම යළි කරළියට
    Featured

    ගෝඨා ගෝ ගම යළි කරළියට

    By LFNSeptember 5, 2024No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාලුමුවදොර “ගෝඨා ගෝ ගම” අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල උල් සහිත අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවට හිරිහැරයක් සිදු වී ඇති බවත් ඒ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් සඳහන් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ විභාගයක් පවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) තීන්දු කළේය.

    ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ පොලිස්පතිවරයා සහ නීතිපතිවරයාට මාර්තු මස 04 වනදා කරුණු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.

    නීතිඥ සේනක පෙරේරා මහතා විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුව ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුන්ට මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

    පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ, ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලය පැවති සමයේ ජනාධිපති මන්දිරය අවට මාර්ගවල මහජනතාවට අනතුරුදායක උල් සහිත මාර්ග බාධක රඳවා තැබීමට පොලීසිය කටයුතු කළ බවය.

    මෙවැනි අනතුරුදායක මාර්ග බාධක රඳවා තැබීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 05ක වන්දියක් අය කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 2025

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,392 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,339 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    සංචාරක පැමිණීම ලක්ෂ 19 පනී

    November 7, 20250118 Views

    මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 19 ඉක්මවා ඇති බව…

    මීගමුවේ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

    November 7, 2025

    රට රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ කත අල්ලයි

    November 7, 2025

    අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස ධනාත්මකව බලන්න – අධ්‍යාපන ලේකම්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.