Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    July 10, 2025

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග
    Featured

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

    By LFNSeptember 5, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය.

    ඒ, 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙනි.

    මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.

    මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදෙස් රටවලට පළා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 2025

    කරදියාන කසළ අංගනයේ ගින්නක්

    July 8, 2025

    ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම ගැන සෙවූ කමිටු වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට

    July 8, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,316 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    අස්වැසුම දෙවන අදියරට සුදුසුකම් ලැබූ ලැයිස්තුව නිකුත් කරයි

    July 3, 20252,996 Views
    Don't Miss

    ආනයනික කිරිපිටි මිල ඉහළට

    July 10, 202503 Views

    ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා තිබේ. ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ…

    අමෙරිකාව ලංකාවට පැනවූ නවතම තීරු බද්ද ගැන තවත් අනාවරණයක්

    July 10, 2025

    නවකවධය සම්බන්ධයෙන් UGCයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

    July 9, 2025

    ටෙක්සාස් ගංවතුරෙන් පුද්ගලයින් 161දෙනෙකු අතුරුදන්

    July 9, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.