Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග
    Featured

    මහා පරිමාණ මත්ද්‍රව්‍ය නඩුවකට තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග

    By LFNSeptember 5, 2024No Comments1 Min Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (04) නියෝගයක් නිකුත් කළේය.

    ඒ, 2019 වසරේ උතුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 196 කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරා නිදොස් කොට නිදහස් කෙරුණු විත්තිකරුවන් තුන්දෙනෙකු සම්බන්ධයෙනි.

    මෙම සිද්ධියට සම්බන්ධ විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ගත් තීරණය බලරහිත කොට එම විත්තිකරුවන් වරදකරුවන් කොට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

    මෙම අභියාචනා පෙත්සම් එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදි.

    මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම් කොට නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර යන විත්තිකරුවන් තුන්දෙනා අධිකරණය මගහැර විදෙස් රටවලට පළා ගොස් තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 20260122 Views

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග…

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.