Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින් ඇරඹේ
    Featured

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ලකුණු කිරීම අදින් ඇරඹේ

    By LFNSeptember 4, 2024No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ‍මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අදින් (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිශන් සභාවේ කාර්යාල, ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසය යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමිවෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    මේ පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා,

    “විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඔබට වෙන්කළ දිනයේ ඔබගේ සහතික නිලධාරියා විසින් ඔබට වෙන්කරන ලද කාලය තුළදී ඇවිල්ලා ඡන්දය පාවිච්චි කරන්න. යම් ලෙසකින් ඔබට නියමිත දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වුවහොත් 11 හෝ 12 දින තුළ දී ඔබගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේ විශේෂ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කරනවා. මේක දිස්ත්‍රික්ක 25ම ක්‍රියාත්මකයි. කච්චේරිය ආශ්‍රිතව. එතැනට ඇවිත් අපි විසින් පත්කරනු ලබන සහතික කරන නිලධාරියෙක් ඉදිරියේ ඔබේ ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්.”

    මෙවර ජනාධිපතිවරණය සඳහා වැඩිම තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 76,977 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා සිටී.

    අවම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන 3,566 දෙනෙකු මුලතිව් දිස්ත්‍රික්කයෙන් සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත තැපැල් ඡන්ද දායකයින් සංඛ්‍යාව 35,636ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.