Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කෙරේ
    Featured

    නීතිඥයෙකුගේ නීතීඥභාවය අහෝසි කෙරේ

    By LFNSeptember 4, 2024No Comments2 Mins Read143 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

    සරත් විජේසිරි ද සිල්වා නැමති නීතිඥවරයාගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස නියෝග කර ඇති බව සඳහන්ය.

    අදාළ නීතීඥවරයා ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන ඊට නිසිලෙස පෙනී නොසිට ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවරෑ නඩුවේ සඳහන්ය.

    නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ තැනැත්තා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද නියෝගයේ සඳහන් බවය.

    දිවුලපිටිය, වැල්ලව ශ්‍රී චන්දානන්ද හිමියන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව අචල වෙංගප්පූලි, කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයි රාජා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

    පැමිණිලිකාර හිමියන් කියා සිටින්නේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් තමන් වහන්සේ විසින් මිනුවන්ගොඩ සහ කුරුණෑගල දිසා අධිකරණවල නඩු දෙකක් පවරා තිබූ බවය.

    වගඋත්තරකාර නීතිඥවරයා එම නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් 4,450,000ක මුදලක් තමන් වහන්සේගෙන් ලබා ගෙන පසුව නිසි ආකාරයෙන් නඩු විභාගය සඳහා පෙනී නොසිටි බව පැමිණිලකාර හිමිනම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනුකෙරුණු අතර එම චෝදනාවලට තමන් නිවැරදිකරු බව ඔහු විසින් ප්‍රකාශ කළේය.

    අනතුරුව පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුරෙයි රාජා මහතා සඳහන් කළේ, වගඋත්තරකරු නීතිඥවරුන්ගේ ආචාරධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කර තිබෙන බැවින් ඔහු නීතිඥ ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු බවට නඩු විභාගයේදී අනාවරණය වූ බවය.

    ඒ අනුව ඔහු නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට නියෝග කර මාස තුනක් ඇතුළත රුපියල් මිලියන 03ක වන්දියක් වගඋත්තරකරු විසින් පැමිණිලිකාර හිමිනම වෙත ගෙවිය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.