Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිරිඳව ඝාතනය කළ සැමියාට මරණ දණ්ඩනය
    Featured

    බිරිඳව ඝාතනය කළ සැමියාට මරණ දණ්ඩනය

    By LFNSeptember 2, 2024No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළේ යැයි ඇඟේ සැමියාට එරෙහිව ඌව පළාත් මහාධිකරණයේ දී විභාග වූ මිනීමැරුම් නඩුවක එම විත්තිකරු වැරදිකරු බව තීරණය කළ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

    බදුල්ල, කැන්දගොල්ල ගම්මානයේ දී 2010 ජූනි මස 19 වනදා 35 හැවිරිදි අදාළ කාන්තාවක් ඝාතනය කළේ යැයි ඇඟේ ස්වාමි පුරුෂයාට විරුද්ධව බදුල්ල පොලීසිය විසින් මෙම නඩුව පවරා තිබුණි.

    සැකකරු හා මරණකාරීය අතර කලක් තිස්සේ පවුල් ආරවුල් තිබූ බවත් මරණකාරියට අනියම් ප්‍රේම සබඳතාවයක් ඇති බවට තහවුරුවීමෙන් පසු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් අනතුරුව සැකකරු විසින් බිරිඳට යකඩ පොල්ලකින් ඇඟේ පාදයකට පහර දී ඇති බවත් නඩු විභාගයේ දී අනාවරණය වුණි.

    අසල්වැසියන් විසින් ඇය ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් කන්දගොල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බදුල්ල මහ රෝහලට යවා තිබූ බව ද සාක්ෂිවලින් අනාවරණය විය. එහිදී එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබේ.

    අධිකරණ විශේෂ වෛද්‍ය එන්.එම්. රූල්හක් මහතාගේ සාක්ෂිවලට අනුව මරණකාරියගේ පාදයක තුවාල දෙකක් තිබූ බවත් එක තුවාලයක මාංශ පේශී අජීවි බවට පත්ව අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව ඇති බවටත් හෙළිවුණි.

    සැකකරුට විරුද්ධව ඇති චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකකයකින් තොරව ඔප්පුකර ඇති බැවින් ඔහුට මරණ අඬුවම නියම කරන බව විනිසුරුවරයා නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කියා සිටියේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 2025

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,391 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,338 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    NPP මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා රඳවාගෙන ප්‍රශ්න කරයි

    November 6, 20250111 Views

    අනුරාධපුරය ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයා එළඹෙන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට තඹුත්තේගම…

    පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

    November 6, 2025

    වැලිගම නව සභාපති තේරීමට දින දෙයි

    November 6, 2025

    2026 අයවැය යෝජනා අවසන් ලේඛනය ජනපතිගේ නිරීක්ෂණයට

    November 6, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.