Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශානි අබේසේකරට ඇති තර්ජන
    Featured

    ශානි අබේසේකරට ඇති තර්ජන

    By LFNAugust 30, 2024No Comments1 Min Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට පවතින තර්ජනවල ස්වභාවය පිළිබඳව අතිශය රහසිගත වාර්තාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇතැයි නීතිපතිවරයා ඊයේ (29) දැනුම් දුනි.

    තමන්ට සපයා තිබෙන ආරක්ෂාව දැඩි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

    මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අද එස්.තුරෙයි රාජා, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    පෙත්සම කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට ලබාදී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ඔහුට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාව ලබාදෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

    එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ පෙත්සම්කරුට මේ වනවිට ආයුධ සන්නද්ධ නිලධාරීන් සහිතව පොලිස් නිලධාරීන් දස දෙනෙකුගේ ආරක්ෂාව ලබාදී තිබෙන බවය.

    එම අවස්ථාවේදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ පෙත්සම්කරුට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුට වඩා වැඩි ආරක්ෂාවක් ලබාදී තිබෙන බවය.

    ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම මාර්තු මස 12 වනදා සිදු කිරීමට දින නියම කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 2026

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    ඌරන්ට රක්ෂණයක්

    March 19, 20260121 Views

    සූකර කර්මාන්තයේ යෙදෙන ගොවීන් සඳහා “සූකර රක්ෂණ යෝජනා ක්‍රමයක්” කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග…

    අමෙරිකාවේ විශේෂ නියෝජිතවරයා ජනපති හමුවෙයි

    March 19, 2026

    රත්‍රං මිල රුපියල් 13,000කින් පහළට

    March 19, 2026

    ශ්‍රීලන්කන් හිටපු CEO එයාර් බස් ගනුදෙනුවට හිටපු ජනපති මහින්දට සහ පියංකර ජයරත්නට අල්ලස් දුන් බවට අනාවරණයක්

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.