Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 62ක්
    Featured

    ජනාධිපතිවරණයට අදාළව පොලීසියට පැමිණිලි 62ක්

    By LFNAugust 29, 2024No Comments1 Min Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි.

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

    එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි වන අතර බරපතළ සිද්ධීන් සම්බන්ධ පැමිණිලි කිසිවක් මෙතෙක් ඉදිරිපත් වී නොමැති බව සඳහන්ය.

    දිවයින පුරා පිහිටි සෑම පොලිස් ස්ථානයකම මැතිවරණ පැමිණිලි ලබා ගැනීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එම ඒකකවලට ලැබෙන පැමිණිලි දෛනිකව පොලිස් මුලස්ථානයේ පිහිටි විශේෂ මැතිවරණ කාර්යාලයේදී සමාලෝචනය කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මේ දක්වා ලැබී ඇති පැමිණිලිවලට අනුව හඳුනාගත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ වෙත ඉදිරිපත් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

    ජනාධිපතිවරණ අපෙක්ෂකයින්ගේ ආරක්ෂාවට මෙන්ම ජන රැලිවල ආරක්ෂාව සඳහා ද විධිමත් වැඩපිළිවෙලක් පොලීසිය විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබේ.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මැතිවරණ කොමිසම පවසයි.

    මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම කෙරෙහි අවාධානය යොමුව ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.