Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආදිවාසී ජනතාව වෙනුවෙන් නව නීති
    Featured

    ආදිවාසී ජනතාව වෙනුවෙන් නව නීති

    By LFNAugust 28, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී තිබේ.

    ඊයේ (26) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම අනුමැතිය ලැබී තිබුණි.

    මේ සම්බන්ධයෙන් 2024.05.22 ‍පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබූ අතර එහිදී අදාළ සංකල්ප පත්‍රිකාව තවදුරටත් විශ්ලේෂණය කිරීමට යෝග්‍ය බවට තීරණය කර තිබුණි.

    ඒ අනුව ඉඩම්, වනජීවි හා වන සංරක්ෂණ, පරිසර සහ මුදල් යන විෂයයන් පැවරී ඇති අමාත්‍යාංශවල නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම අදාළ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා එම මූලික කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කර ඇත.

    එම මූලික කෙටුම්පත මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා සහ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 2025

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,367 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,309 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,547 Views
    Don't Miss

    අලි රොෂාන්ට වසර පහළවක සිරදඬුවම්

    September 19, 202501 Views

    බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි…

    අබුඩාබි සිට දුනිත් වෙල්ලාලගේ යළි දිවයිනට

    September 19, 2025

    දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

    September 18, 2025

    චීන තානාපති – මෛත්‍රී අතර හමුවක්

    September 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.