Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පාස්පෝට් සඳහා අයදුම්කරන අයට විශේෂ දැනුම්දීමක්
    Featured

    පාස්පෝට් සඳහා අයදුම්කරන අයට විශේෂ දැනුම්දීමක්

    By LFNAugust 27, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමට සිදුව ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, නව ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දීමට රජය විසින් පියවර ගෙන ඇති බවය.

    ඒ සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීම මගින් විදේශීය සමාගමකට විදේශ ගමන් බලපත්‍ර සැපයීම සඳහා ටෙන්ඩරයක් දැනටමන් ප්‍රදානය කර ඇත.

    එසේ වුවද, දැනට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සතු හිස් විදේශ ගමන් බලපත්‍ර තොග සීමිත වීම සැලකිල්ලට ගෙන ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර ඇණවුම් කළ සමාගමෙන්ම එම ඇණවුමෙහිම කොටසක් වශයෙන් සාමාන්‍ය හිස් විදේශ ගමන් බලපත්‍ර 50,000ක් සපයා ගැනීමට කටයුතු කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    මෙම විදේශ ගමන් බලපත්‍ර තොගය ඔක්තෝබර් මස අවසානයේ හෝ ඊට පෙර දිවයිනට ළඟා වීමට නියමිතය.

    ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වාර්තා අනුව පසුගිය වසරේ නිකුත් කර ඇති විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවෙන්, විදේශ ගත වී ඇති විදේශ ගමන් බලපත්‍රලාභීන් සංඛ්‍යාව 23% ක ප්‍රමාණයකි.

    එබැවින් උක්ත හිස් විදේශ ගමන් බලපත්‍ර තොගය සපයා ගන්නා තෙක්, අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම්කරන මෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරිමේදී සිදුවන ප්‍රමාදය නිසා මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කනගාටුව පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,368 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202504 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.