Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
    Featured

    රියදුරු බලපත් අවලංගු කිරීම ගැන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    By LFNAugust 23, 2024No Comments2 Mins Read164 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රියදුරන් විසින් 2009ට පෙර ලබා ගන්නා ලද රියදුරු බලපත්‍ර ඉදිරි මාස තුන ඇතුළත අවලංගු කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කිරීමට සූදානම් කරමින් සිටින බවට පළවන ප්‍රවෘත්තිය සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් කරුණු පැහැදිලි කර තිබේ.

    ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසන්නේ එවැනි රියදුරු බලපත් අවලංගු කිරීමක් පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බවය.

    කෙසේ නමුත් ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඔහු පවසයි.

    ඒ අනුව ඉදිරි මාස තුන ඇතුළත මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බව ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය.

    නව ක්‍රමවේදය හරහා රියදුරෙකු රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා විසින් ලබාදෙන දඩ පත්‍රිකාව අනුව එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම සඳහා වූ ඩිජිටල් පද්ධතිය සකස් වී ඇති බවත් එම වරදට හිමිවන දඬුවම් ලකුණු ප්‍රමාණය රියදුරු බලපත්‍රයට එකතු වෙනු ඇත.

    මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ආ පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති බවද ඔහු පවසයි.

    එසේ අවලංගු වන රියදුරු බලපත්‍රය නැවත ලබාගැනීම සඳහා රියදුරෙකු වසරකට පසු නැවත මුල සිට සියලු කාර්යයන් සම්පූර්ණ කර පැමිණිය යුතුව තිබේ.

    දිනකට මෙරට මහා මාර්ගයේ මිය යන පිරිස 7 දෙනෙක් බවත් රිය අනතුරු හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වටයට පත් වන පිරිස් ද ඉහළ යමින් පවතින බැවින්ද මහා මාර්ගයේ විනයක් ඇති කිරීම සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගන්නා බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.