Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ ජනතාවට අවදානමක් ගැන දැනුම්දීමක්
    Featured

    ගම්පහ ජනතාවට අවදානමක් ගැන දැනුම්දීමක්

    By LFNAugust 18, 2024No Comments1 Min Read159 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    එම තත්ත්වය හේතුවෙන් අත්තනගල්ල, ගම්පහ, ජාඇල, වත්තල වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, අත්තනගලු ඔය සහ උරුවල් ඔය දෙපස සිටින ජනතාව අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්. පී. සී සුගීෂ්වර මහතා සඳහන් කළේය.

    “මේ දක්වා ඇතිවුණු වර්ෂාපතනය මත සැලකිය යුතු ගංවතුර මට්ටමක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා සහ ගංගා ද්‍රෝණිය අධික තෙත් තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඒ නිසා අද දිනය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් අත්තනගලු ඔය සහ උරුවල් ඔය ධාරා ප්‍රදේශයට ලැබුණොත් ඉතා පහසුවෙන් ගංගා ද්‍රෝණිය සැලකියයුතු ඉහළ ගංවතුර තත්ත්වයකට පත්වීමේ අවදානම පවතිනවා. ඒ නිසා මේ ප්‍රදේශවල මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුකු කළ යුතුයි.”

    මේ අතර කළු ගඟේ අතුගංගාවක් වන කුඩා ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

    කළු ගඟේ ජල මට්ටමද සමහර ප්‍රදේශවල ඉහළ යමින් පවතින බව සුගීෂ්වර මහතා සඳහන් කළේය.

    එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම බද්දේගම ප්‍රදේශයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 20260119 Views

    කුලියාපිටිය මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක්…

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.