Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙතැනකදී මනුෂ්‍ය ඝාතන
    Featured

    දෙතැනකදී මනුෂ්‍ය ඝාතන

    By LFNAugust 17, 2024No Comments2 Mins Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැල්ලවත්ත හා හලාවත ප්‍රදේශයන්හිදී ඊයේ (16) දිනයේදී මනුෂ්‍ය ඝාතන දෙකක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේය.

    ඉන් එක් ඝාතනයක් ඊයේ අලුයම් කාලයේදී හලාවත පොලිස් වසමේ විලත්තව ප්‍රදේශයේදී සිදුකර ඇත.

    වයස අවුරුදු 65ක් වූ කාන්තාවක් ඝාතනය කර ඇති බවට හලාවත පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේදී එම මරණකාරිය මූකලන්හේන, බිංගිරිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට හඳුනාගෙන ඇත.

    ඝාතනයට ලක් වූ කාන්තාව විලත්තව මාර්ගය අයිනේ මියගොස් වැටී සිටි බවට ඇගේ දියණිය ප්‍රකාශයක් ලබාදී තිබුණාය.

    එමෙන්ම දියණියගේ ස්වාමි පුරුෂයා මරණකාරිය සොයා යතුරුපැදියෙන් රාත්‍රියේ ගමන්කරමින් සිටියදී පුද්ගලයෙකු කාන්තාවක් ඔසවාගෙන යනු දුටු බවටත්, යතුරුපැදි එළියෙන් එම පුද්ගලයා හඳුනාගත් බවටත් ප්‍රකාශයක් ලබා දී ඇත.

    ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන හලාවත පොලීසියට ඉදිරිපත් කර ඇත.

    එම සැකකරු වීරපොකුණ, බිංගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

    මේ අතර ඊයේ උදෑසන වැල්ලවත්ත පොලිස් වසමේ ඔවාර්ඩ් වෙළෙඳ සංකීර්ණය අසලදී තවත් ඝාතනයක් සිදුකර ඇත.

    මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 46ක් වූ ජම්පටා වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මරණකරු සේවය කළ වෙළෙඳසැලෙහි හිමිකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් මත වෙළෙඳ සැල් හිමිකරු විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට අපරාධය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

    මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර, වෙළෙඳසැලේ හිමිකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එම පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි පුද්ලයෙකු බව පොලීසිය පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202603 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.