Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 11ක් මරුට
    Featured

    ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 11ක් මරුට

    By LFNAugust 15, 2024No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

    එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය.

    “දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට අදාළ එන්නතත් රෝහල් 100ක පමණ ලබාදෙනවා. මේක නොමිලේ ලබාදෙන්නේ. අපි කළ යුත්තේ සපා කෑමකට ලක්වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි.”

    ජලභීතිකාව බෝවීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මෙලෙස අදහස් පළ කළේය.

    “බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්වයෙකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් අපේ පවතින තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීර ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනක් – මාස තුනක් අතර වෙනවා. යම් කෙනෙක් ඉන්නවා සතෙකුගේ සපාකෑමකට ලක්වෙලා තවමත් ජලභීතිකා එන්නත ලබාගත්තේ නැති, දැන් කාලා සතියක් දෙකක් ගියානේ කියලා හිතන්නේ නැතුව මාස තුනක් දක්වා වුණත් අපි එන්නත ලබාදෙන්න කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 2025

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,348 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,279 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,537 Views
    Don't Miss

    රජයේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සැප්තැම්බර් පළමු වැනිදා සිට – බිමල්

    August 25, 20250111 Views

    රජය ක්‍රියාත්මක කරන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති එලඹෙන සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කරන බව අමාත්‍ය…

    එරික් සෝල්හයිම් හිටපු ජනාධිපති රනිල්ට නිදහස ඉල්ලයි

    August 25, 2025

    ගන්දර වෙඩි තැබීමේ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හසුවෙයි

    August 25, 2025

    කොළඹ දිසාව භාර DIG උදිත ලියනගේ CID අත්අඩංගුවට

    August 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.