Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 11ක් මරුට
    Featured

    ජලභීතිකා රෝගයෙන් පුද්ගලයින් 11ක් මරුට

    By LFNAugust 15, 2024No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජලභීතිකාව හේතුවෙන් මේ වසරේ ගත වු කාලය තුළ පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වසංගත රෝග විද්‍යායතනය පවසයි.

    එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, ජලභීතිකාව පිළිබඳ ජනතාවගේ නොදැනුවත්භාවය හේතුවෙන් මෙලෙස මරණ වාර්තා වන බවය.

    “දැනුවත්කම මදභාවය නිසාම තමා ජලභීතිකාව නිසා සිදුවන මරණ සිදුවෙන්නේ. ගිය අවුරුද්ද වෙනකොට අපිට ඊට කලින් අවුරුද්දට වැඩිය මරණ සංඛ්‍යාව භාගයකට අඩුකරගන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ දැනටමත් මරණ 11ක් විතර වාර්තා වෙනවා. මේ සියලුම මරණ සිදුවෙලා තියෙන්නේ අපි දෙන ප්‍රතිකාර නිසිලෙස සිදුනොකිරීම නිසයි. ලංකාවේ දැනට රජයේ රෝහල් 300ක විතර ඇන්ටි රේබීස් වැක්සින් එක ලබාදෙනවා. වඩා උග්‍ර සපාකෑමට ලක්වූ අවස්ථාවක ඊට අදාළ එන්නතත් රෝහල් 100ක පමණ ලබාදෙනවා. මේක නොමිලේ ලබාදෙන්නේ. අපි කළ යුත්තේ සපා කෑමකට ලක්වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමයි.”

    ජලභීතිකාව බෝවීම සම්බන්ධයෙන් ද විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා මෙලෙස අදහස් පළ කළේය.

    “බොහෝ විට මෙය බෝවෙන්නේ ජලභීතිකාව බෝකළ හැකි ක්ෂීරපායි සත්වයෙකුගේ සපාකෑමකින්. එහෙම නැත්නම් අපේ පවතින තුවාලයක් මත ජලභීතිකාව තියෙන සතෙක් ලෙව කෑවොත්. ඒ වගේම ඇස් ආශ්‍රිතව, නාසය, මුඛය සහ ලිංගේන්ද්‍රය ආශ්‍රිතව තියෙන ශ්ලේෂ්මල පටල හරහා වුණත් තුවාලයක් නැතුව මෙය ශරීර ගත වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ වෛරසය ඇඟට ඇතුළු වෙලා රෝග ලක්ෂණ මතු වෙන්න යන කාලය සති තුනක් – මාස තුනක් අතර වෙනවා. යම් කෙනෙක් ඉන්නවා සතෙකුගේ සපාකෑමකට ලක්වෙලා තවමත් ජලභීතිකා එන්නත ලබාගත්තේ නැති, දැන් කාලා සතියක් දෙකක් ගියානේ කියලා හිතන්නේ නැතුව මාස තුනක් දක්වා වුණත් අපි එන්නත ලබාදෙන්න කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202603 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.