Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත 2ක් බිලි ගත් මාලබේ අයිස් නිපදවීම ගැන තොරතුරු රැසක්
    Featured

    ජීවිත 2ක් බිලි ගත් මාලබේ අයිස් නිපදවීම ගැන තොරතුරු රැසක්

    By LFNAugust 15, 2024No Comments2 Mins Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි හා 63 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

    ඔවුන් මොනරාගල හා කහන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙයි.

    ඒ අනුව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මාලබේ පොලීසිය අදාළ නිවස ඊයේ (14) පුළුල් පරීක්ෂාවට ලක්කර තිබුණි.

    රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රණය කිරීමට යෑමේදී ඇතිවූ විෂ දුමක් හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට ශ්වසන අපහසුතා ඇති වී තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

    එම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැක කරන අතර මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය මතුවී ඇතැයි පොලීසිය සැක කරයි.

    ඒ අනුව මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගැනීම සඳහා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ රසායනික ද්‍රව්‍යයේ සාම්පල රැගෙන ගොස් තිබේ.

    මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ඇත්තේ ඒවා භාවිත කර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහාය.

    එහිදී අනාවරණ වී ඇත්තේ, එම රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන බවය.

    එමෙන්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් හා අන්තරයකාර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද අදාළ නිවස ඊයේ දිනයේදී පරීක්ෂා කර තිබේ.

    ඒ අනුව අදාළ නිවසේ හිමිකරුගේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක් ද පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර පසුව පොලීසිය අදාළ නිවෙස් දෙකම මුද්‍රා තැබීමට පියවර ගත්තේය.

    මියගිය පුද්ගලයන් මෙම රසායනික ද්‍රව්‍ය රැගෙන අවේ කුමණ ස්ථානයක සිට දැයි යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක් මෑතක සිට විශාල වශයෙන් මුදල් උපයා ඇතැයි ද තොරතුරු වාර්තාවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.