Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජීවිත 2ක් බිලි ගත් මාලබේ අයිස් නිපදවීම ගැන තොරතුරු රැසක්
    Featured

    ජීවිත 2ක් බිලි ගත් මාලබේ අයිස් නිපදවීම ගැන තොරතුරු රැසක්

    By LFNAugust 15, 2024No Comments2 Mins Read230 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 45 හැවිරිදි හා 63 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

    ඔවුන් මොනරාගල හා කහන්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසෙයි.

    ඒ අනුව බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි මාලබේ පොලීසිය අදාළ නිවස ඊයේ (14) පුළුල් පරීක්ෂාවට ලක්කර තිබුණි.

    රසායනික ද්‍රව්‍යයක් මිශ්‍රණය කිරීමට යෑමේදී ඇතිවූ විෂ දුමක් හේතුවෙන් මියගිය පුද්ගලයන් දෙදෙනාට ශ්වසන අපහසුතා ඇති වී තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

    එම රසායන ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට යොදාගන්නා බවට සැක කරන අතර මොවුන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට උත්සාහ කිරීමේදී මෙම තත්ත්වය මතුවී ඇතැයි පොලීසිය සැක කරයි.

    ඒ අනුව මේ පිළිබඳව නිසි අයුරින් තහවුරු කරගැනීම සඳහා රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ අදාළ රසායනික ද්‍රව්‍යයේ සාම්පල රැගෙන ගොස් තිබේ.

    මේ අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් ද පැමිණ අදාළ රසායනික ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කර ඇත්තේ ඒවා භාවිත කර පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ ද යන්න පිළිබඳව තහවුරු කරගැනීම සඳහාය.

    එහිදී අනාවරණ වී ඇත්තේ, එම රසායනික ද්‍රව්‍ය උපයෝගී කරගෙන පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය නොකරන බවය.

    එමෙන්ම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ නිලධාරීන් පිරිසක් හා අන්තරයකාර ඖෂධ පාලක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ද අදාළ නිවස ඊයේ දිනයේදී පරීක්ෂා කර තිබේ.

    ඒ අනුව අදාළ නිවසේ හිමිකරුගේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේ නිවසක් ද පරීක්ෂා කළ පොලීසිය එහි තිබී අදාළ රසායනික ද්‍රව්‍ය තොගයක් සොයා ගත් අතර පසුව පොලීසිය අදාළ නිවෙස් දෙකම මුද්‍රා තැබීමට පියවර ගත්තේය.

    මියගිය පුද්ගලයන් මෙම රසායනික ද්‍රව්‍ය රැගෙන අවේ කුමණ ස්ථානයක සිට දැයි යන්න පිළිබඳව ද විමර්ශන ක්‍රියාත්මකය.

    මේ අතර මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක් මෑතක සිට විශාල වශයෙන් මුදල් උපයා ඇතැයි ද තොරතුරු වාර්තාවී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.