තණමල්විල පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළව තොරතුරු දැනගෙන එම තොරතුරු පොලීසියට නොදී වසන් කෙරූ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් විදුහල්පති ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඇප මත නිදහස් කර තිබේ.
අදාළ සැකකරුවන් ඊයේ (14) වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට මහෙස්ත්රාත්වරයා නියෝග කර ඇත.