අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්ව වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයකට ලක්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොන්දොස්තරවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරණ රෙමුණ ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු කළුතර, දියගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු සහ ඇය නිවසක රඳවා ගැනිමට අනුබල දුන් පුද්ගලයෙකු බව කළුතර උතුර පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත්වූවන් අතර දෙදෙනකු විවාහකයින් බවත් ඉන් එක් අයෙකු වයස 60 ඉක්මවූ අයෙකු බවද පොලීසිය සඳහන් කරයි.
දැරිය සිය රෝගි දෙමව්පියන් සහ වැඩිමහල් සොහොයුරා සමග එකට ජීවත්ව සිට ඇති අතර, නිවසේ අගහිඟකම් හේතුවෙන් මුදල් සහ වෙනත් දෑ ලබාදෙමින් දැරිය රවටා වසර දෙකක පමණ කාලයක සිට සමූහ දූෂණයට ලක්කර ඇති බව මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිව තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති පෞද්ගලික බස් කොන්දොස්තරවරයා මාසයකට පමණ පෙර දැරිය හොරණ රෙමුණ ප්‍රදේශයේ නිවසට කැටුව ගොස් රඳවා තබාගෙන අතවර කර ඇති අතර, මෙම දැරිය නිවසෙන් අතුරුදහන් වීම සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසියට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.
