Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කතුරකින් පහරකෑමට ලක්වූ හෙදියට වන්දි ගෙවන්නැයි විශේෂඥ වෛද්‍යවරයාට අධිකරණ නියෝගයක්
    Featured

    කතුරකින් පහරකෑමට ලක්වූ හෙදියට වන්දි ගෙවන්නැයි විශේෂඥ වෛද්‍යවරයාට අධිකරණ නියෝගයක්

    By LFNAugust 13, 2024No Comments2 Mins Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

    ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි හෙදියට රුපියල් 50,000/-ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය ලෙස කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.

    එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

    කුරුණෑගල මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන
    හෙද නිලධාරිනියක විසින් ගොනුකොට ඇති පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    පෙත්සම්කාරිය කියා සිටින්නේ 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් සිදුකිරීම සඳහා තමා වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවය.

    එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලා සිටි බවත් තමා එම කතුර ඔහුට ලබා දුන් අතර එම කාර්යය සිදුකිරීමෙන් පසු තමා විසින් එම කතුර ට්‍රොලියේ තැබු බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.

    එම අවස්ථාවේදී වග උත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා තමා අමතා “මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා” යැයි සඳහන් කළ බවත් ඉන් අනතුරුව ඔහු එම කතුර ගෙන තම හිසට දමා ගැසීම හේතුවෙන් තම හිසෙන් ලේ ගලන්නට පටන් ගත් බවත් පෙත්සම්කාරිය චෝදනා කළාය.

    මෙම සිද්ධියෙන් පසු සහෝදර හෙදියක් පැමිණ තමන්ව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය අතර පසුව රෝහල් ගත කළ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය දින දෙකකින් පසුව රෝහලින් පිටවී ගිය බවත් සඳහන් කර සිටියාය.

    මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකරමින් වග උත්තරකාර වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ක්‍රියාව තමා හිතාමතා සිදුකළ දෙයක් නොවන බවය.

    එහෙත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ, සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයින් දෙදෙනෙකු දිවුරුම් ප්‍රකාශය ලබාදී ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ වග උත්තරකාර වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී කතුර රැගෙන පෙත්සම්කාර හෙදියට පහරදී ඇති ආකාරය අනාවරණය වූ බවය.

    ඒ අනුව වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සිද්ධිය වූ අවස්ථාවේ ඉතා කෝපාවිෂ්ඨව කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් ඔහු කතුරෙන් පෙත්සම්කාරියට පහරදී ඇති බව තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියහ.

    ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් පෙත්සම්කාර හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202503 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.