Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කතුරකින් පහරකෑමට ලක්වූ හෙදියට වන්දි ගෙවන්නැයි විශේෂඥ වෛද්‍යවරයාට අධිකරණ නියෝගයක්
    Featured

    කතුරකින් පහරකෑමට ලක්වූ හෙදියට වන්දි ගෙවන්නැයි විශේෂඥ වෛද්‍යවරයාට අධිකරණ නියෝගයක්

    By LFNAugust 13, 2024No Comments2 Mins Read141 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

    ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචි හෙදියට රුපියල් 50,000/-ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය ලෙස කුරුණෑගල මහ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළේය.

    එම වන්දි මුදල මාස තුනක් ඇතුළත ගෙවා අවසන් කළ යුතු බවත්ට ඊට අමතරව වෛද්‍යවරයා විසින් හෙදියට රුපියල් 10,000ක වන්දි මුදලක් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

    කුරුණෑගල මහා රෝහලේ ශල්‍ය වෛද්‍ය අංශයට අනුයුක්තව සේවය කරන
    හෙද නිලධාරිනියක විසින් ගොනුකොට ඇති පෙත්සමක තීන්දුව දෙමින් විජිත් මළල්ගොඩ, ගාමිණි අමරසේකර සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරවරුන්ගේ එකඟත්වය ඇතිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

    පෙත්සම්කාරිය කියා සිටින්නේ 2019 වසරේ මාර්තු මස 12 වනදා දියවැඩියා රෝගියෙකුගේ මහපට ඇඟිල්ල ඉවත් කිරීමේ සැත්කමක් සිදුකිරීම සඳහා තමා වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සමග ශල්‍යගාරයට ගිය බවය.

    එම සැත්කම කරන අවස්ථාවේදී අස්ථි කපා දැමීම සඳහා කතුරක් වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා විසින් තමාගෙන් ඉල්ලා සිටි බවත් තමා එම කතුර ඔහුට ලබා දුන් අතර එම කාර්යය සිදුකිරීමෙන් පසු තමා විසින් එම කතුර ට්‍රොලියේ තැබු බවත් පෙත්සම්කාරිය කියා සිටියාය.

    එම අවස්ථාවේදී වග උත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා තමා අමතා “මම කිව්වේ ඕක මෙතන තියන්න කියලා” යැයි සඳහන් කළ බවත් ඉන් අනතුරුව ඔහු එම කතුර ගෙන තම හිසට දමා ගැසීම හේතුවෙන් තම හිසෙන් ලේ ගලන්නට පටන් ගත් බවත් පෙත්සම්කාරිය චෝදනා කළාය.

    මෙම සිද්ධියෙන් පසු සහෝදර හෙදියක් පැමිණ තමන්ව එම ස්ථානයෙන් ඉවතට රැගෙන ගිය අතර පසුව රෝහල් ගත කළ බවත් පෙන්වා දෙන පෙත්සම්කාරිය දින දෙකකින් පසුව රෝහලින් පිටවී ගිය බවත් සඳහන් කර සිටියාය.

    මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකරමින් වග උත්තරකාර වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ක්‍රියාව තමා හිතාමතා සිදුකළ දෙයක් නොවන බවය.

    එහෙත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කර ඇත්තේ, සිද්ධියට අදාළව එම ස්ථානයේ සිටි රෝහල් සේවකයින් දෙදෙනෙකු දිවුරුම් ප්‍රකාශය ලබාදී ඇති බවත් සිද්ධිය වූ අවස්ථාවේ වග උත්තරකාර වෛද්‍යවරයා කෝපාවිෂ්ට වී කතුර රැගෙන පෙත්සම්කාර හෙදියට පහරදී ඇති ආකාරය අනාවරණය වූ බවය.

    ඒ අනුව වගඋත්තරකාර ශල්‍ය වෛද්‍යවරයා සිද්ධිය වූ අවස්ථාවේ ඉතා කෝපාවිෂ්ඨව කටයුතු කර තිබෙන ආකාරය මනාව පැහැදිලි වන බවත් ඔහු කතුරෙන් පෙත්සම්කාරියට පහරදී ඇති බව තහවුරු වන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියහ.

    ඒ අනුව අදාළ වෛද්‍යවරයා විසින් පෙත්සම්කාර හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ බහුතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202606 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.