දීප ව්‍යාප්ත අලි ගහන සමීක්ෂණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන 17 වනදා සිට දින තුනක් පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130කදී එම සමීක්ෂණය සිදුකිරීමට නියමිත බව සඳහන්ය.
සමීක්ෂණයේ දත්ත රැස්කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය සිදුකිරීමට නියමිත අතර ඒ සඳහා වෙනත් රාජ්‍ය ආයතන නිලධාරීන්, ආරක්ෂක හමුදා සාමාජිකයින් ඇතුලු පිරිස් එක් කරගැනීමට බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්. ජී. සී. සුරියබණ්ඩාර මහතා පැවසීය.
ලබා ගන්නා දත්ත මත මෙරට අලි ගහනයේ ඉදිරි පැවැත්ම පුරෝකථනය කිරීම, අලි මිනිස් ගැටුම් මැඩලීම සඳහා උපාය මාර්ගික සැලසුම් පිළියෙල කිරීම යනාදී පියවරයන් ගැනීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එම්.ජී.සී සුරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.