Close Menu
Lanka Focus News
    What's Hot

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජගිරියෙන් සොයාගත් කොළඹ පාතාලයේ අවි ගබඩාව
    Featured

    රාජගිරියෙන් සොයාගත් කොළඹ පාතාලයේ අවි ගබඩාව

    By LFNAugust 11, 2024No Comments1 Min Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින් රාජගිරිය ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටලීමකදී ගිනිඅවි ඇතුළු ආයුධ රැසක් සොයාගැණුනි.

    ඒ, මාකොළ ප්‍රදේශයේ දී පසුගියදා අත්අඩංගුවට ගැණුන සැකකරුවන් පිරිසකගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය කරගත් කරුණු මත පදනම්වය.

    මාකොළ ප්‍රදේශයේදී සැකකරුවන් 7 දෙනෙකු පසුගියදා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ නිලධාරින්ගේ අත්අඩංගුවට පත්වූ අතර ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ද එම නිලධාරින්ගේ භාරයට ගැණුනි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් හා ගුවන් හමුදාවෙන් සේවය අතහැර පළා ආ පුද්ගලයින් දෙදෙනෙක් ද වූ අතර සැකකරුවන් 7 දෙනාගෙන් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශය පියවර ගෙන තිබුණි.

    ඒ අනුව රාජගිරිය ප්‍රදේශයේ නිවසක් අද පරීක්ෂා කෙරුණේ සැකකරුවන්ගෙන් අනාවරණය කරගත් කරුණු මතය.

    පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යංශයේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත සිදුකළ වැටලීමේදී එම නිවසේ තිබී T56 වර්ගයේ ගිනි අවියක්, T56 උණ්ඩ 300කට අධික ප්‍රමාණයක් මිලිමීටර් 9 උණ්ඩ 50ක් මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළු ආයුධ තොගයක් සොයා ගැණුනි.

    එම නිවස විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් බවට සැක පළ කරන අතර පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ අපරාධ රැසකටම එම ආයුධ යොදාගන්නට ඇතැයිද පොලීසිය සැක පළකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,481 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 202603 Views

    වප් පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට…

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026

    සූවස් මාර්ගයට නෞකා යළි පැමිණීමෙන් හම්බන්තොට වරායට නව අවස්ථා

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.