Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශානි ගේ ආරක්ෂාව ගැන අධිකරණය දුන් නියෝගය
    Featured

    ශානි ගේ ආරක්ෂාව ගැන අධිකරණය දුන් නියෝගය

    By LFNAugust 10, 2024No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දැනට ලබාදී තිබෙන ආරක්‍ෂාව ලබන 29 වනදා තෙක් ඒ ආකාරයෙන්ම බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව නීතිපතිවරයා ඊයේ (09) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

    තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව තර කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය මේ බව දැනුම් දුන්නාය.

    මෙම පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීය.

    එහිදී පෙත්සම්කාර ශානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා රිය අනතුරකට ලක් කොට ඝාතනය කිරීමේ සූදානම පවතින බවට තොරතුරු ලැබී ඇතැයි වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරීයේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබෙන බව කියා සිටියේය.

    ඒ අනුව ඔහුට දැනට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

    එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කරුට මේ වනවිට ඔහුගේ නිවසේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවත් ගමන් බිමන් කටයුතු සඳහා තවත් නිලධාරීන් හතර දෙනකු යොදවා තිබෙන බවත් දැනුම් දුන්නාය.

    මෙම නිලධාරීන් හය දෙනාම ආයුධ සන්නද්ධව සේවයේ යෙදී සිටින බවත් රජයේ නීතිඥවරිය පැවසුවාය.

    එම අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ තම සේවාදායකයාට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය අනුව මෙම ආරක්ෂාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

    ඔහුගේ ගමන් බිමන් කටයුතු සඳහා ආරක්‍ෂාවට පොලිස් යතුරුපැදියක් ලබාදී තිබුණද එය අනතුරක් වළක්වා ගැනීමට ප්‍රමාණවත් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

    ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වනදා කැඳවන ලෙසද නියෝග කෙරුණි.

    එමෙන්ම පෙත්සම්කාර ශානි අබේසේකර මහතාට තිබෙන තර්ජන සම්බන්ධයෙන් වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ පොලිස් කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබෙන රහසිගත වාර්තාව මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මෙහිදී නීතිපතිවරයාට වැඩිදුරටත් නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202603 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.