Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගම්පහ වෙඩි තැබීම් ගැන හෙළිදරව් වූ අලුත් කතාව
    Featured

    ගම්පහ වෙඩි තැබීම් ගැන හෙළිදරව් වූ අලුත් කතාව

    By LFNAugust 7, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊයේ (06) රාත්‍රියේ ගම්පහ, තම්මිට ප්‍රදේශයේදී හා ජාඇල මාකෙවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකළ බව පොලීසිය පවසයි.

    මෙම වෙඩිතැබීම් දෙකම එකම වෙඩික්කරු විසින් සිදුකර ඇති බවට සැක කරන බව පොලීසිය සඳහන් කළේය.

    ජා ඇල – මාකෙවිට ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 7.40ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් තවත් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට වෙඩි තබා පළාගොස් තිබුණි.

    වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා පසුව රෝහල්ගත කෙරුණි.

    එලෙස ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණේ 43 හැවිරිදි රංග ජයනාත් හෙවත් කේ.ජී. මංජු නැමැත්තෙකි.

    පින්තාරුකරුවකු ලෙස රැකියාව කරන ඔහු ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ලවුවකු බව පොලීසිය පැවසුවේය.

    එමෙන්ම ඔහු ඩුබායීහී සැඟව සිටින දිනේෂ් වසන්ත නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතමයෙක් ලෙසද සැලකෙන අතර,වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවෙත ඔත්තු ලබාදුන් බව කියන සිදුවීමක් මෙම වෙඩි තැබීමට හේතුවී ඇතැයි සැකකෙරෙයි.

    අදාළ වෙඩි තැබීම සිදුකර පැය භාගයක කාලයක් ගතවීමට මත්තෙන් ඉන් කිලෝමීටර හතරක පමණ දුරකින් පිහිටි ගම්පහ තම්මිට ප්‍රදේශයෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය.

    පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙනත් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

    එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ, 29 හැවිරිදි චමිල් අයන්ත නම් කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඔහු අයිස් මත්ද්‍රව්‍යය භාවිතයට ඇබ්බැහිවූවෙක් වන අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

    පොලිසිය සැකකරන්නේ පෙර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් දෙදෙනා විසින්ම මෙම වෙඩි තැබීමද සිදුකළ බවට යි.

    මෙම වෙඩි තැබීම් දෙක සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 202603 Views

    අස්වැසුම ද්වීත්ව ගෙවීම් පිළිබඳව ප්‍රචාරණය වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පැහැදිලි කිරීමක්…

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026

    දෙහිවල ව්‍යාපාරික ස්ථානයකට කාන්තා කොල්ල කල්ලියක් පනියි – සේවකයින්ට පහරදී ලක්ෂ 13ක් කොල්ලකයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.