කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා මීට මාස තුනකට පමණ ඉහතදී පිටත්ව ගිය දඹුල්ල වෑවලවැව හුඹස්ගමුව ප්‍රදේශයේ 48 හැවිරිදි චාමිනී වාසනා නම් එක්දරු මවක් සිහිවිකල්ව අසාධ්‍ය තත්ත්වයෙන් යළි ලංකාවට එවීමේ පුවතක් වාර්තා වෙයි.
ඇයගේ ඥාතීන් සඳහන් කළේ, දඹුල්ල මූලික රෝහලේ අධි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන ඇය කන්තලේ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත යොමු කිරීමට නියමිත බවය.