Close Menu
Lanka Focus News
    What's Hot

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිඅවි එකතු කළ හේතුව සැකකාර මවුලවී හෙළිකරයි
    Featured

    ගිනිඅවි එකතු කළ හේතුව සැකකාර මවුලවී හෙළිකරයි

    By LFNAugust 1, 2024No Comments1 Min Read145 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.

    ඔට්ටමාවඩි, නාවල්අඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගිනි‍අවියක් රැගෙන ගමන් කරන බවට යුද හමුදා බුද්ධි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලබාදී තිබුණි.

    ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් හා උණ්ඩ 29ක් ඔහු සන්තකයේ තිබියදී සොයා ගැනුණි.

    අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින්වලදී හෙළිවූ තොරතුරු අනුව ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පියවර ගත් අතර, එහි තිබී තවත් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 30ක් හමුවී තිබේ.

    වාලච්චේන, බුදිරියා නගරයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා නාවලපිටිය ප්‍රදේශයේ මවුලවිවරයෙක් ලෙස කටයුතු කළ බවය.

    ගිනිඅවිවලට ඇති කැමැත්ත හේතුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් එම අවි මිලදීගෙන ළඟ තබාගත් බවත් ඔහු පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 2026

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,465 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,623 Views
    Don't Miss

    අගෝස්තුවේ වැඩිහිටි දීමනාව අද බැංකුවට

    September 3, 202605 Views

    2026 අගෝස්තු මාසයට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා වන වැඩිහිටි දීමනාව අද (03) ප්‍රතිලාභීන්ගේ…

    අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට ආධාර දුන් අයෙකු අත්අඩංගුවට

    September 2, 2026

    පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ 22ට අදාළ පෙත්සම් සලකා බැලීම අද

    September 1, 2026

    කාන්තාවක් හා ළමුන් තිදෙනෙකු මුහුදේ ගිලී අතුරුදන්

    August 31, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.