Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගිනිඅවි එකතු කළ හේතුව සැකකාර මවුලවී හෙළිකරයි
    Featured

    ගිනිඅවි එකතු කළ හේතුව සැකකාර මවුලවී හෙළිකරයි

    By LFNAugust 1, 2024No Comments1 Min Read144 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    T56 වර්ගයේ ගිනිඅවි දෙකක් සමග මවුලවිවරයෙකු ඔට්ටමාවඩි, නාවල්අඩි මංසන්ධියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරකෙරුණි.

    ඔට්ටමාවඩි, නාවල්අඩි ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියකින් ගිනි‍අවියක් රැගෙන ගමන් කරන බවට යුද හමුදා බුද්ධි අංශය පොලිස් විශේෂ කාර්ය බළකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට තොරතුරක් ලබාදී තිබුණි.

    ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනුණු අතර, T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් හා උණ්ඩ 29ක් ඔහු සන්තකයේ තිබියදී සොයා ගැනුණි.

    අනතුරුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින්වලදී හෙළිවූ තොරතුරු අනුව ඔහුගේ සහෝදරයෙකුගේ නිවසක් පරීක්ෂාවට ලක්කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පියවර ගත් අතර, එහි තිබී තවත් T56 වර්ගයේ ගිනි අවියක්, මැගසිනයක් සහ උණ්ඩ 30ක් හමුවී තිබේ.

    වාලච්චේන, බුදිරියා නගරයේ පදිංචි 43 හැවිරිදි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමා නාවලපිටිය ප්‍රදේශයේ මවුලවිවරයෙක් ලෙස කටයුතු කළ බවය.

    ගිනිඅවිවලට ඇති කැමැත්ත හේතුවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුගෙන් එම අවි මිලදීගෙන ළඟ තබාගත් බවත් ඔහු පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 2025

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,414 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,574 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ දේහය නිදහස් චතුරස්‍රයට රැගෙන එයි

    December 31, 202503 Views

    හෙළයේ ගීත කෝකිලාවිය වූ කලාසූරී ලතා වල්පොල මහත්මියගේ දේහය අද (31) උදෑසන කොළඹ නිදහස් චතුරස්‍රය…

    කොළඹ නුවර ප්‍රධාන මාර්ගය කිරිබත්ගොඩින් තාවකාලිකව වසාදමයි

    December 30, 2025

    මාලිමා අපේක්ෂකයෙකුට පහරදුන් සජබ ප්‍රා.ස මන්ත්‍රී අත්අඩංගුවට

    December 30, 2025

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.