Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තැපැල් ඡන්දහිමියන්ට දැනුම්දීමක්
    Featured

    තැපැල් ඡන්දහිමියන්ට දැනුම්දීමක්

    By LFNJuly 29, 2024No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයින්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ප්‍රදර්ශනය කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයදුම්පත් ඒ ඒ දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිලධාරී වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.

    එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

    තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙඩ් අඩවියෙන් ද ලබාගත හැකිය.

    තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සඳහා සුදුසුකම් සපුරා ඇති සියලුදෙනාගේම අයදුම්පත් අගෝස්තු 5 වන දින හෝ එදිනට පෙර හෝ අදාළ දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරී වෙත ලැබිය යුතු වේ.

    අයදුරම් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5 වන දින මධ්‍යම රාත්‍රී 12ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවේ.

    තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වන දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

    එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී නෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා අදාළ නිවේදනයෙන් ඉල්ලීමක් කරයි.

    ඒ අනුව 2024 වර්ෂයේ සහතික කරන ලද ඡන්ද හිමි සියලුම මැතිවරණ කොට්ඨාසවලට අදාළ 2024 ජූලි මස 26 වන දින සිට සාමාන්‍ය කාර්යාල වේලාවන් තුළ පහත සඳහන් ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ.

    * සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල (කච්චේරිවල)
    * සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල
    * සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 202604 Views

    දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය…

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.