Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කාලගුණයෙන් රතු නිවේදනයක්
    Featured

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    By LFNJuly 29, 2024No Comments1 Min Read248 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉදිරි පැය 24 සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

    සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් අරාබි මුහුදු ප්‍රදේශය සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව එහි සඳහන් වේ.

    එම දෙපාර්තමේන්තුව පැවසුවේ අරාබි මුහුදු ප්‍රදේශයේ උතුරු අක්ෂාංශ 1ත් 20 ත් සහ නැගෙනහිර දේශාංශ 55 ත් 67 ත් අතර මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 70 – 80 ඉතා තද සුළං පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවය.

    මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදී සිටින පිරිස් වහාම ගොඩබිම හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

    එම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දී තිබේ.

    මේ අතර, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.

    ඇතැම් ස්ථානවලමි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

    වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

    මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවිය හැක.

    දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,391 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,593 Views
    Don't Miss

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 202604 Views

    දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය…

    දෙසැරයක් අස්වැසුම ගෙවපු කතාවේ ඇත්ත නැත්ත මෙන්න

    May 7, 2026

    ළමා රැකවරණ ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය හිමිවීම ‘UNICEF’ අගයයි

    May 7, 2026

    ඔන්ලයින් මූල්‍ය වංචාවේ නිරත වූ විදෙස් ජාතිකයෝ 30ක් කොටුවෙයි

    May 7, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.