ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක තුනක ගොවි පවුල් 3476කට නොමිලේ යූරියා, TSP සහ MOP පොහොර ලබාදීමේ වැඩසටහනක් Qatar Charity සංවිධානය මඟින් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව කුරුණෑගල, මාතලේ හා මොනරාගල දිස්ත්‍රික්ක තුනේ ගොවීන් 3476කට නොමිලේ යූරියා, TSP සහ MOP පොහොර ලබාදීමට සැලසුම් කර තිබේ. මේ ගිවිසුම අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 1476ක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවීන් 1000ක් හා මොනරාගල දිස්ත්‍රික්කයේ ගොවින් 1000ක් ද වශයෙන් තෝරාගෙන ඇත.
තෝරාගත් ප්‍රතිලාභී ගොවි පවුලකට යූරියා, TSP සහ MOP පොහොර කිලෝග්‍රෑම් 25ක මිටියක් බැගින් සපයයි. මේ සඳහා වන ප්‍රතිලාභීන් තෝරාගැනීමේ දී දිස්ත්‍රික් ලේකම්වරු, ගොවිජන සංවර්ධන නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරුන්ගෙන් තොරතුරු ලබාගැනීම කර තිබේ. ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ආහාර සුරක්ෂිතතාව හා ගොවි ජනතාවගේ ජීවන තත්ත්වයන් නංවාලීම අරමුණු කර ගනිමින් Qatar Charity සංවිධානය මේ පොහොර ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි.