කොළඹ වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්රීරෝද රථයක තිබී තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කළ පුද්ගල මළසිරුරක් ඊයේ (23) අලුයම පොලීසිය විසින් සොයාගනු ලැබීය.
ඒ, 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවය.
විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ තවත් ත්රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙක් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවය.